නඩුව පළමු වරට මාර්තු මස 12 දින ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එය පළමු වර ඇසීම මැයි මස 2 දිනට යොදන ලදී. එහිදී 7වන විත්ති පාර්ශවය හැර සෙසු සියලුම දෙනා වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින බව දන්වන ලද අතර එය නැවත මැයි 8 වන දින දක්වා කල් තබන ලදී. එදින රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිවේදිය විසින් NAITA ආයතනයේ සභාපති තුමා විසින් ඉදිරිපත් කරන ලද ලියුමක් ගරු අධිකරණය ඉදිරියේ කියවමින් කියා සිටියේ NAITA හි අධ්‍යක්ෂක මණ්ඩලය දැනට නොපවතින බැවින් සභාපතිතුමා හට තීරණයක් දිය නොහැකි බවයි. විනිසුරුතුමා විසින් මේ සමග පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කර ඇති කරුණු සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් නැවත නඩුව කැඳවන ජුනි 28දින ඉදිරිපත් කරන ලෙස රජයේ නිතිපතිවෙත නියෝග කරන ලදී.

තවද මෙම අධිකරණ ක්‍රියාමාර්ගය සදහා තම හැකි පමණින් ආධාර දක්වන ලද කණ්ඩායම් වලට අපගේ ස්තුතිය පිරිනමමු. තවම මේ සදහා සහයෝගය නොදක්වන ලද කණ්ඩායම් වල ආධාරයද ඉදිරියේදී ලැබෙතැයි අපි උදක්ම බලාපොරොත්තු වෙමු . මෙම ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සඳහා අප සියලු දෙනාගේ සාමුහික වගකීමක් බව අවධාරණය කරන්නෙමු.