එට්කා ගිවිසුම අත්සන් කිරීමට පිඹුරුපත් සැකසෙද්දී දේශීය ඉංජිනේරුවන් සහ නව නිර්මාණකරුවන්ට වැට බැඳෙමින් තිබෙන බව ඔහු පවසයි. ශ්‍රී ලංකා ඉංජිනේරු සභාවේ ව්‍යවස්ථාව හරහා එම අවස්ථාවන් අහිමි වන බව පවසමින් ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ද ගොනු කරනු ලැබූ අතර ඉංජිනේරු සභා ව්‍යවස්ථාවේ වගන්ති හතළිස් හතරකින් තිස් තුනක් වෙනස් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දෙන්නේදා ඒ අනුවය. මෙවර විද්වත් කතාබහ සඳහා ඉඩ කඩ වෙන් වන්නේ දේශීය නව නිර්මාණ රැසක් හඳුන්වා දී ඇති වරලත් ඉංජිනේරු ලෙයාඩ් සිල්වා නම් වූ ඔහුටය.
ඔබ මේ වන විට ඉංජිනේරු ක්ෂේත්රයේ සුවිශේෂී කාර්යයන් ගණනාවක නිරත වෙමින් සිටිනවා. විශේෂයෙන් ඔබ විසින් දේශීය නිෂ්පාදනයන් රටට හඳුන්වා දෙන්න කටයුතු කරමින් සිටිනවා. ඒත් ඔබ ලංකාවේ විධිමත් අධනාපන ක්‍රියාවලියක් තුළින් බිහි වුණු ඉංජිනේරුවෙක් නෙමෙයි. ඒ පිළිබඳ මුලින්ම පැහැදිලි කිරීමක් කරනවද?
මම උසස් පෙළ සමත් වුණ කාලේ ලංකාවේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන්න පුළුවන් වටපිටාවක් නෙමෙයි තිබුණේ. ඒ කියන්ගෙන් 1988/89 කාලය. විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලබන එකත් මරණයට සුදුසුකමක් වෙලා තිබුණ කාලයක්. ඒත් මම වෙනත් ඉංජිනේරු පාඨමාලාවක් හැදෑරුවා, ඒ කටුනායක ටී.ටී.අයි ආයතනයෙනේ. ඒ අතරතුර මම කොළඹ විශේව විද්යාපාලයේ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ පාඨමාලාවකුත් හැදෑරුවා. ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාව අවසන් කරලා ඉන් පස්සෙ මම ක්ෂේත්රයේ රැකියාවක නිරත වුණයා. ඒ ආයතනය විදුලි ඉංජිනේරු කටයුතු සිදු කරන ආයතනයක්. එහි අකුණු සන්නායක ගෙන්වූවේ මමයි. නමුත් කාලයක් ඒක කරගෙන යනවිට ඒ අය කිව්ව ඒක මට දෙන්න බැහැ කියලා. කොහොමටත් මගේ හිතේ තිබුණා මගේම ආයතනයක් පටන් ගන්න. ඒ අදහසත් එක්ක මම මගේම ආයතනයක් පටන් අරගෙන යන අතරේ අකුණු සන්නාක පිළිබඳ අත්හදාබැලීම් කළා. එහෙම කරපු අත්හදාබැලීම් එක්ක කරපු එක නිර්මාණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ගිහිල්ලා පරීක්ෂා කළා. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ විවිධ මාදිලියේ නිර්මාණය කළා. ඒවා මම පේටන් බලපත්‍ර සඳහා ඒවා යොමු කළා. මුලින් කියපු සෘජු අකුණු පද්ධතියට පේටන් බලපත්‍රය හිමි වුණා. දැන් මට කාර්මික නිෂ්පාදනයට පේටන් බලපත්‍ර 23ක් තියෙනවා.
අකුණු සන්නායක වලට අමතරව ඔබ විසින් හඳුන්වා දුන් අනෙකුත් නිෂ්පාදන මොනවාද?
මෑතදී නිෂ්පාදනය කලා ස්වයංකීය ට්‍රිප් ස්විච් එකක්. ලෝකයේ ප්‍රථම වතාවට තමයි මේ වගේ නිෂ්පාදනයක් කෙරෙන්නෙ. ඒ කියන්ගෙන් අපේ ගෙදර තියෙන් ට්‍රිප් ස්විච් එක ඕෆ් වුණයාම අපි නැවත ඒක දාන්න ඕනි. මේ ස්ව්ච් එක පරිසරයේ තත්ත්වය වෙනස් වුණාම ස්වයංක්‍රීයව සක්‍රීය වෙනවා. ඊට අමතරව විදුලි පෙරණයක් හැදුවා, ඒ වගේ නිෂ්පාදන ගණනාවක්ම කරලා තියෙනවා.
දේශීය තාක්ෂණික නිර්මාණ වලට තියෙන වෙළඳපොල සහ ඒ වගේ නිෂ්පාදන කරන්න තියෙන අවස්ථාව මොන වගේද?
කියන්න කනගාටුයි, අපේ රටේ තාක්ෂණික භාණ්ඩ පිටරට යැව්වේ සියයට දශම එකයි. කොරියාව සියයට හැත්තද තුනයි. වර්තමානයේ වියට්නාමයත් සියයට විසි ගණනක් පිටරට යවනවා. එයාලගේ විදෙස් සංචිතයෙ ඩොලර් බිලියන 20ක් තියෙනවා. අපේ ඩොලර් බිලියන දෙකක්වත් නෑ. මේක හරිම ශෝචනීය තත්වයක්. උදාහරණයක් ගත්තොත් විදුලිබල මණඩලයේ ඉංජිනේරුවෝ 900 ක් ඉන්නවා. එත් විදුලිබල මණඩලය ලංකාවේ පාඩු ලබන ආයතන වලින් ප්‍රධානම එකක් වෙලා. ඒකට ප්‍රධානම හේතුව තමයි නිර්මාණශීලීව හිතන්නත් අවශ්‍යතා විශේලේෂණය කරන්නත් පුළුවන් තාක්ෂණික දැනුම තියෙන නිලධාරින් පත් නොකිරීම. ඉතාම වැඩවසම් චින්තනයක් තමයි මේ බොහෝ අයට තියෙන්නෙ. ඒ වුණත් නිර්මාණශීලීව හිතන අයත් නැතුවා නෙමෙයි.
ඔබ හිතන විදිහට එහෙම වෙන්න හේතුව මොකක්ද?
පළමුවෙනි ප්‍රශේනය තමයි වර්තමාන අධ්‍යාපන ක්‍රමය. අධ්‍යාපනය මුල ඉඳලම වැරදියි. ලංකාවේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියන්ගෙන උසස්පෙළෙන් පස්සේ විශේවවිද්යාපාලයට යාම එකම අරමුණ කරගෙන. ඒක නිසා වෙනම උප සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා, පෞද්ගලික ටියුෂන් කියලා. දෙමාපියෝ උපයන රුපියල් සියයකින් පනස් පහක් පමණ වැය වෙන්නේ දරුවන්ගේ පෞද්ගලික පන්තිවලට. ආණඩුව වියදම් කරනවට වටා දෙමාපියෝ වියදම් කරනවා දරුවන්ගේ අධ්‍යාපනයට.
අධනාපන ක්‍රමය, මේ තත්ත්වය ඇති වීමට එකම හේතුවද?
නැහැ. නිසි කළමනාකරණයක් නැති එකත් ඒකට හේතුවක්. පාරේ වාහන තදබදය වෙලා තියෙන්නේ නිෂ්පාදන භාණඩ ගෙන යන නිසා නෙමෙයි. ළමයි ඉස්කෝලේ ගෙනියන වෑන් වලට. වෙන රටවල් වලට ගියාම ඒවයේ තදබදය ඇති වෙන්නේ නිෂ්පාදන භාණඩ ප්‍රවාහනය කරන වාහන නිසා. මොකද ඒ ළමයින්ට ගේ ළගම පාසලක් තියෙනවා. බලශක්තිය අතින් බැලුවත් දියුණු රටක බලශක්තියේ උපරිම වැයවීම තියෙන්නේ දවල් කාලයේ. අපේ රටේ බලශක්තියේ උපරිම ඉල්ලුම තියෙන්නේ සවස හයේ සිට රෑ නමය වෙනකම්. අපේ රටේ රූපවාහිනිය බලන්න තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් යන්නෙන්. එහෙම නැතුව නිෂ්පාදනයට නෙමයි. මෙගා වොට් 2400 ක් යන්නේ රෑට. දවල්ට යන්නේ මෙගාවොට් 1400 ක් පමණ. ඒක තමයි බේදවාචකය.
වෙන රටවල් වලට ගියාම ඒවයේ තදබදය ඇති වෙන්නේ නිෂ්පාදන භාණඩ ප්‍රවාහනය කරන වාහන නිසා. මොකද ඒ ළමයින්ට ගේ ළගම පාසලක් තියෙනවා. බලශක්තිය අතින් බැලුවත් දියුණු රටක බලශක්තියේ උපරිම වැයවීම තියෙන්නේ දවල් කාලයේ. අපේ රටේ බලශක්තියේ උපරිම ඉල්ලුම තියෙන්නේ සවස හයේ සිට රෑ නමය වෙනකම්. අපේ රටේ රූපවාහිනිය බලන්න තමයි වැඩිම ශක්ති ප්‍රමාණයක් යන්නෙන්. එහෙම නැතුව නිෂ්පාදනයට නෙමයි.
මේ තත්ත්වයට විසඳුම් විදිහට ඔබ දකින්නේ මොනවාද?
මුලින්ම වෙන්න ඕනේ මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන එක. පොතේගුරු දැනුමෙන් වැඩක් නැහැ. තර්කානුකූලව හිතන්න පුළුවන් මිනිස්සු හදන්න ඕනෙ. ඒ අයට තමන්ගේ හැකියාවන් වලින් රටට සේවයක් කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනෙ. ලංකාවේ සමහර මහාචාර්යවරු ඉන්නවා, ඔවුන් බටහිර භාණ්ඩවල නියෝජිතයෝ. එයාලා ගිහිල්ලා තමන්ගේ ගෝලයන්ට කියනවා මෙන්න මේ භාණ්ඩය ගෙන්වන්න කියාලා. ඒ වෙනුවෙන් කොමිස් ලැබෙනවා. දේශීය දෙයක් හැදුවොත් මේක ලෝකල් කියලා ඉවත් කරනවා. උපාධිධාරි ඉන්ජිනේරුවොත් මේ ව්යාපාපාරයේ කොටස්කරුවන් බවට පත්වෙලා නොදැනුවත්වම.
මේ තියෙන දේශපාලන තත්ත්වයක් එක්ක ඔය කියන අවස්ථාව හදන්න යන එකෙන් ඕක හැදෙනවා වෙනුවට වෙන දෙයක් වෙන්න පුළුවන්ද?
ඒක ඇත්ත, අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙනස්කරනවා කියන්නෙ මුදල් තියෙන අයට විතරක් ඉගෙනගන්න පුළුවන් වටපිටාවක් හදනවා කියන එකට වෙනමෙයි. ඒත් කැමති කෙනෙක්ට කැමති දෙයක් ඉගෙන ගන්න අවස්ථාව ලබා දෙන්න ඕනෙ. බුද්ධි මණඩලයක් හදන්න ඕනෙ මේ හැම දෙයක්ම නියාමනය කරන්න. ඒ බුද්ධි මණඩලය දේශපාලකයන්ගෙ න්‍යාය පත්රයන්ට අනුව වැඩ කරන එකක් වෙන්න බැහැ. එහෙම බුද්ධි මණඩලයකින් සමන්විත ඉංජිනේරු සභාවක් හැදුවොත් එතනින් ඉදිරියේදී ඉංජිනේරුවෙක් තෝරන්නේ අර මණඩලය විසින්,
ලංකාවේ ඉංජිනේරු සභාවට විරුද්ධව ඔබ විසින් ශේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනු කරනවා නේද? මොකක්ද ඒකට හේතුව?
මේ වෙනකොට මම නිෂ්පාදන පනස්තුනක් කරනවා. ඒ නිසා මම එංගලන්තයේ වරලත් ඉංජිනේරු ආයතනයට අයදුම්පතක් දැම්මා. මගේ තියෙන නිෂ්පාදන, ඒවායේ තත්ත්වය ඇතුළු කරුණු ගැන හොයල බලල මගේ නිෂ්පාදන වලට ඒ අයගේ අනුමැතිය ලබා දුන්නා. ඒ ගමන්ම එංගලන්තයේ ඉංජිනේරු සභාවේ වරලත් ඉංජිනේරුවෙක් විදිහට සාමාජිකත්වය ගන්න කියලත් මට දැනුම් දුන්නා. ඊට පස්සෙ පැවැත්වුණු සම්මුඛ පරීක්ෂණයකින් පස්සේ මට සාමාජිකත්වයත් ලබා දුන්නා. ඒත් මම ලංකාවේ ඉංජිනේරු සභාවෙන් සාමාජිකත්වය ගන්න ඉල්ලුවත් මට ඒක දුන්නේ නැහැ. එයාල කියනවා. එහෙම ක්‍රමයක් ලංකාවෙ නැහැ කියලා. ඉංජිනේරු සභාවට අලුතින් ව්‍යවස්ථාවක් එන්නෙත් මේ කාලයේම තමයි. පාඨලී චම්පික රණවක විදුලිබල හා බලශක්ති ඇමතිවරයා විදිහට ඉන්න කාලේ ඔහු තමයි මේකට මූලිකත්වය ගත්තේ. ඒ අලුත් ව්‍යවස්ථාවෙන් උපාධිධාරින් හැර වෙනත් දක්ෂතා තියෙන අයට ඉදිරියට යන්න තියන මාර්ග අහිමි කරල තියෙනවා. එක පැත්තකින් එට්කා ගිවිසුම අත්සන් කරල දේශීය වෘත්තිකයන්ට අවස්ථාව අහිමි කරන්න යනවා. අනිත් පැත්තෙන් දේශීය නිර්මාණකරුවන්ට සහ නිෂ්පාදකයන්ට ඉදිරියට යන්න මේ ව්‍යවස්ථාවෙනුත් අවස්ථාව අහිමි කරනවා. ඒ නිසා තමයි අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යන්න වෙන්නෙ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ සමිබන්ධව ලැබෙන්නෙ මොන වගේ තීන්දුවක්ද?
ඒ අලුත් ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති හතලිස් හතරකින් තිස් තුනක්ම වෙනස් කරන්න කියල ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.
ඒ කියන්නේ මේ වෙනකොට ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලිය මේ තරමි පහළ මටිටමක තියෙන්න හේතුව ඒකට අවස්ථාව අහිමි වීම කියලද ඔබ කියන්නෙ?
නැහැ. මේක ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්. දැන් බලන්න, ත්‍රිවිල් සංස්කෘතියක් බිහිවෙලා තියෙනවා. ත්රිවිල්වල තමයි සියයට අසූවක් මේ අපරාධකරුවෝ ඉන්නේ. ඇයි මෙහෙම සංස්කෘතියක් ඇතිවෙලා තියෙන්නේ? මේ රටේ ජනගහනය කෝටි දෙකක් විතර, ඒකෙන් භාගයක් කාන්තාවෝ. වැඩිහිටියන් සහ දරුවන් හැරුණම රටේ නිෂ්පාදනයට දායක වෙන්න පුළුවන් තරුණයන්ගෙන් ලක්ෂ 14 ක් ක්රීවීල් උඩට වෙලා හන්දිවල බලන් ඉන්නවා. ඒ අයගෙන් සමහර අය කුඩු ගහනවා. සමහර අය එක එක අයථා ව්‍යාපාර කරනවා. ස්මාට් ෆෝන් එකක් ගන්නවා. ඊට පස්සේ ඒ අයගේ ලෝකේ. මේක අපි හිතනවට වඩා බේදවාචකයක්, මේ වගේ මේ සමාජයට නොගැලපෙන සංස්කෘතීන් නිසා මේ සමාජය විනාශය කරා ගෙනියනවා. ඒක ඒ අයගේ වැරැද්දක් නොවෙයි. ඒක මේ සමාජයෙන් උරුම වෙච්ච දෙයක් ඒක. තහඩු කෑල්ලක් නමලා රෝද තුනක් සවි කරලා එවන ත්‍රී වීල් එකකට වෙලා බලන් ඉන්න තරුණයෙක් වෙනුවට රෝද හතරක වාහනයක් නිෂ්පාදනය කරන තරුණයෙක් නිර්මාණය කරන්න බැරි වෙලා තියෙන්නේ ඇයි? අපි හිතන්න ඕනෙ. ඒක.
චතුර දිසානායක
උපුටා ගැනීම ලංකා පුවත්පත