පසුගිය කාලගුණික ව්‍යසනයෙන් ආපදාවට ලක්වූ ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසල් දූ දරුවන්ගේ අධ්‍යාපනය යලි නගා සිටුවීමට, ඔවුනට අවැසි පොත්පත් ලබාදීමට අප ඉදිරිපත් වූ වග ඔබට මතක ඇති, ඒ පොරොන්දු වූ පරිදි අප සංගමයේ බොහෝ පිරිසකගේ නොමසුරු දායකත්වයෙන් එකී දූ දරුවන් වෙනුවෙන් අවැසි පොත් පත් හා සපත්තු වවුචර ලබා දීමට 2017 ජුනි මස 24 දින නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී කටයුතු කරන ලදී.

එම අවස්ථාවට අප සංගමය නියෝජනය කරමින් Manoj Asanka, Damitha Navajeevana Wijetunge, Danuth Yashantha Illukkumbura සහ ප්‍රදීප් මධුරංග යන සාමාජික පිරිස එක් විය.මෙම සත්කාර්ය සාර්ථක කරගනු වස් නන් අයුරින් උපකාර කල ඔබ සියලු දෙනාටම අපගේ හදපිරි ස්තූතිය පුද කරන අතරම, ඔබ ලබා දුන් ආධාරය ආපදාවට ලක් වූ දූ දරුවන් වෙතම ලබා දීම සඳහා වෙහෙස මහන්සි වී ක්‍රියා කල ගාල්ල නියාගම ප්‍රාදේශීය ලේකම් ගරු. ප්‍රගීත් රසික කුමාර මැතිතුමන් ඇතුළු එම කාර්යාලයේ ළමා සංවර්ධන කටයුතු බාර නිළධාර මහත්ම මහත්මීන්ගේ සහයෝගය ඉතා අගය කොට මතක් කරමු.